26th November 2023 22:41:33 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුව වෙතින් රෙජිමේන්තු ටයිකොන්ඩෝ උපදේශකවරුන්ගේ දැනුම සහ උපදේශක හැකියාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් පනාගොඩ යුද්ධ හමුදා කායවර්ධන ශාලාවේදී නොවැම්බර් මස 21 සිට 23 දින දක්වා ටයිකොන්ඩෝ පුහුණු වැඩමුළුවක් පැවැත්විණි. මෙම වැඩමුළුව සඳහා ටයිකොන්ඩෝ පුහුණු උපදේශකවරුන් 60 දෙනෙකු සහභාගී වූහ.
මෙම වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්ඩබ්ලිව්පි යූඑස්පී පීඑස්සී සහභාගී වූහ.
යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ සභාපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී මෙම වැඩමුළුව සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබාදෙනු ලැබීය.