Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st November 2023 21:10:35 Hours

ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි

ශ්‍රී ලංකා බොක්සිං සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ 2023 ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරඟාවලිය 2023 නොවැම්බර් මස 13 සිට 17 දින දක්වා කාලය තුළ රාජකීය විද්‍යාලයීය කායවර්ධන ශාලාවේදී පැවති අතර, එම තරඟාවලිය සඳහා සහභාගී වූ යුද්ධ හමුදා පිරිමි ක්‍රීඩකයින් සුවිශේෂී කුසලතා දක්වමින් රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනාගැනීමට සමත්වූහ.

මෙහිදී, දිවයින පුරා බොක්සිං කණ්ඩායම් 17 ක් නියෝජනය කරමින් මෙම තරඟාවලියේදී ක්‍රීඩකයින් 116 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 45 දෙනෙක් එක් එක් බර කාණ්ඩයන් යටතේ තරඟවැදිණි.

තරඟාවලියේදී රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩිකාවන් සමත්වූහ.

‘තරඟාවලියේ හොඳම බොක්සිං ක්‍රීඩකයා’ වශයෙන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බොඩියර් එච්.එම්.එල්.පී. ජයවර්ධන තේරීපත්විය.

බොක්සිං ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් ද මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතාවයන් ඉවහල් විය.