Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th November 2023 05:22:58 Hours

‘Eagle’s Cup අත්පන්දු ශූරතාවලියේ’ අනුශූරතාවය යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Eagle’s Cup අත්පන්දු ශූරතාවලිය’ දිවයින පුරා පිරිමි සහ කාන්තා අත්පන්දු කණ්ඩායම් 12 ක සහභාගීත්වයෙන් නොවැම්බර් මස 6 සිට 9 දින දක්වා ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදා පිරිමි අත්පන්දු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා අත්පන්දු කණ්ඩායමට එරෙහිව පැවැති තියුණු තරඟයන්ගෙන් අනතුරුව තරඟාවලියේ පිරිමි සහ කාන්තා කාණ්ඩයන්හි අනුශූරතාව දිනාගැනීමට යුද්ධ හමුදා අත්පන්දු කණ්ඩායම් සමත්විය.