2023-11-25 10:46:03
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය යටතේ සේවයේ නියුතු සියලුම නිලධාරිනියන් සහ සෙසුනිලයන්ගේ චිත්ත ධෛර්යය සහ මානසික සතුට ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2023 නොවැම්බර් මස 11 වන සෙනසුරාදා දින බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී විශේෂ සංගීතමය වැඩසටහනක් පැවැත්වීය.
2023-11-22 23:19:16
රණක්ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් වාර්ෂිකව සිදුකරනු ලබන අභිමංසල - 3 සුවතා නිකේතනයේ සංචාරය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින සිදුකරන ලදී.
2023-11-22 23:17:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එච්.ජි ස්වර්ණලතා මහත්මියගේ උපදෙස් මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පාන්ගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත ‘අභිමංසල -2’ සුවතා නිකේතනයේ වාර්ෂික සංචාරය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින සිදුකරනු ලැබීය.
2023-11-18 08:45:57
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් එම රෙජිමේන්තුවේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ ආර්ථික දුෂ්කරතා පිළිබඳ සලකා බලමින් ඔවුන් වෙත වියළි ආහාර සලාක පාර්සල් 53 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (නොවැම්බර් මස 15) දින ගිරිතලේ ප්‍රදේශයේ ස්ථාපිත 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-11-18 08:44:25
විශේෂ බලකා පුහුණු පාසලේ මූලිකත්වයෙන් විශේෂ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් මල්දෙණිය ප්‍රාථමික විද්‍යාලය සහ කනිවිගල ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් සහ ගුරු භවතුන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (2023 නොවැම්බර් මස 16) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-11-17 06:18:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කරන ලද ‘රණවිරු අභිනන්දන පූජා 2023’ වැඩසටහන යටතේ එම රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සේවයේ නියුතු සෙසුනිලයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පවුල්වල සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දා සිදුකෙරිණි.
2023-11-14 22:52:04
පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන්ගේ වාර්ෂික විවිධප්‍රසංගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (නොවැම්බර් මස 13) දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2023-11-12 11:36:37
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ පළමු රැස්වීම පසුගිය ඉරිදා (නොවැම්බර් මස 05) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2023-11-10 21:26:28
පල්ලෙකැලේ ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන්ගේ වාර්ෂික විවිධප්‍රසංගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන්
2023-11-10 08:51:18
අනුරාධපුර ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන්ගේ වාර්ෂික විවිධප්‍රසංගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකා සහ එම පෙර පාසලේ ප්‍රධානී නෙලූකා නානායක්කාර මහත්මිගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (නොවැම්බර් මස 06) දින පැවැත්විණි.