Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th November 2023 08:44:25 Hours

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

විශේෂ බලකා පුහුණු පාසලේ මූලිකත්වයෙන් විශේෂ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් මල්දෙණිය ප්‍රාථමික විද්‍යාලය සහ කනිවිගල ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් සහ ගුරු භවතුන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (2023 නොවැම්බර් මස 16) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම පරිත්‍යාගයන් සිදුකිරීමෙන් අනතුරුව ප්‍රතිලාභීන් වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනෝජා පීරිස් මහත්මිය සහභාගී වූවාය.