2023-10-18 21:15:08
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 39 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 16) දින එම ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2023-10-18 21:08:57
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව මගින් පාසල් ළමුන්ට උපකාර කිරීමේ අරමුණින් සමාජ සත්කාරක වැඩසටහනක් පසුගියදී සංවිධානය කරන ලදී.
2023-10-18 21:04:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හිමාලි නියංගොඩ මහත්මිය එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සමඟින් 2023 ලෝක ළමා දිනය සනිටුහන් කරමින් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 6) දින කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ශාන්ත මයිකල් විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-10-18 20:58:13
සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි රාජිතා ජයසූරිය මහත්මියගේ යෝජනාවකට අනුව එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2023 සැප්තැම්බර් මස 26 දින අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත ‘අභිමංසල’ සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.
2023-10-17 23:17:52
යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ වාර්ෂික සේවා වනිතා උත්සව සැලැස්මට අනුව යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්තශාලාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් සමඟ එක්ව වේයන්ගොඩ, සීලවතී මාතා අනුස්මරණ මව්පිය සෙවණ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 25) දින ආගමික වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2023-10-13 07:06:23
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ශාඛාවේ 16 වන වාර්ෂික මහාසභා රැස්වීම 2023 සැප්තැම්බර් මස 26 දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරී නිවස්නයේදී පැවැත්විණි.
2023-10-08 22:27:59
ජාත්‍යන්තර ලෝක ළමා දිනයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත මැනිං ටවුන් ‘විරු කැකුළු’ පෙර පාසලේ දරු දැරියන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් එම පෙර පාසල් පරිශ්‍රයේදී පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 05) දින පවත්වනු ලැබීය.
2023-10-07 14:36:37
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ මහසභා රැස්වීම පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 23) දින හෙරලියාවල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එහිදී, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාජිකයන්ගේ පවුල්වල ආබාධිත දරුවන් සහ අ.පො.ස (උ/පෙළ) විභාග සාමාර්ථයන් වෙනුවෙන් මූල්‍ය ආධාර ලබාදුන්හ.
2023-10-06 23:24:18
ලෝක ළමා දිනය වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පාලනය කරනු ලබන මින්නේරිය විරු කැකුළු පෙර පාසලේ ළමුන් 86 දෙනෙකු වෙත කෙටි ආහාර වේලක් සහ සංගීත රසාස්වාදය ලබාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 02) දින පවත්වනු ලැබීය.
2023-10-04 21:41:46
ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව සහ යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය එක්ව කළුතර, නාහින්න කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් ළමුන් 154 දෙනෙකු සඳහා ළමා දින වැඩසටහනක් පසුගිය සදුදා (ඔක්තෝබර් මස 02) දින පවත්වනු ලැබීය.