2023-12-22 21:19:52
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමියගේ උපදෙස් මත එම බලකායේ රාජකාරි කරනු ලබන සිවිල් සේවක මහතෙකුගේ නිවසේ වහලය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් 100,000.00 ක මුල්‍යමය පරිත්‍යාගයක් සිදුකරන ලදී.
2023-12-19 22:39:28
ගැමුණු හේවා බලකා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් රට වෙනුුවෙන් දිවිපිදූ සහ අතුරුදන් වූ දකුණු පලාතේ රණවිරුවන් 81 දෙනෙකු සිහිපත් කරමින් උපහාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 09) දින මාතර, රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
2023-12-19 00:06:53
යුද්ධයේදී රට වෙනුවෙන් දිවිපිදූ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල්වල සුභසාධන කටයුතු සඳහා නිරතුරුවම දායකත්වය ලබාදෙන ‘Link Natural’ සමාගමෙහි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගැනීම සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය විසින් එම සමාගම වෙත සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා මාණ්ඩලික නිලධාරීන් සහ එම ඒකකයේ සාමාජික සාමාජිකාවන් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 14) දින ‘Link Natural’ සමාගම වෙත අධ්‍යයන චාරිකාවක නිරත වූහ.
2023-12-19 00:00:28
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ 74 වන සංවත්සරයට සමගාමීව එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නන්දනී සමරකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සේවා වනිතා සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ගන්නෝරුව, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසල් පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 08) දින සමරුම් උත්සවයක් පවත්වන ලදී.
2023-12-18 23:42:45
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී මනෝරි වෙලගෙදර මහත්මියගේ උපදෙස් මත එම බලකායේ සේවයේ නියුතු නිලධාරීන්, සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් අක්ෂි වෛද්‍ය සායනයක් ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින පැවැත්වූහ.
2023-12-14 18:50:48
පාන්ගොල්ල ‘අභිමංසල -3’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීමට කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශෙහානි ප්‍රනාන්දු මහත්මිය සහ එම ශාඛාවේ සාමාජිකාවන් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 09) දින එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූහ.
2023-12-12 18:30:29
විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනෝජා පීරිස් මහත්මිය ඇතුළු එම ඒකකයේ සාමාජිකාවන් පිරිසක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 05) දින අත්තිඩිය ප්‍රදේශයේ ස්ථාපිත ‘මිහිඳු සෙත් මැඳුර’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත වෙමින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීය.
2023-12-07 18:59:34
පාන්ගොල්ල ‘අභිමංසල -3’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ අරමුණින් කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පසුගිය බදාදා (නොවැම්බර් මස 29) දින එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූහ.
2023-12-07 18:53:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මියගේ උපදෙස් මත සුරංග ලියනගේ මහතා සහ මයුරි ලියනගේ මහත්මිය ගේ මූල්‍යමය දායකත්වයෙන් එම බලකායේ කාන්තා සෙබලියකගේ රෝගී තත්ත්වයෙන් පෙලෙන දියණියක් වෙත රු:63,850.00 ක වටිනාකමකින් යුත් රෝද පුටුවක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින පරිත්‍යාග කරන ලදී.
2023-12-07 18:47:35
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මියගේ උපදෙස් මත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සේවයේ නියුතු හමුදා සාමාජිකයින්ගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 2983 දෙනෙකු වෙත 2024 වසර සඳහා අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහනක් ආරක්ෂක සේවා විද්‍යාලයේදී පසුගිය බදාදා (නොවැම්බර් මස 29) දින සංකේතාත්මකව සිදුකරනු ලැබීය.