22nd November 2023 23:17:31 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එච්.ජි ස්වර්ණලතා මහත්මියගේ උපදෙස් මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පාන්ගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත ‘අභිමංසල -2’ සුවතා නිකේතනයේ වාර්ෂික සංචාරය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින සිදුකරනු ලැබීය.
මෙම සංචාරයේදී රණක්‍ෂිතයට පත්ව ප්‍රතිකාර ලබන රණවිරුවන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව ඔවුන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීම ද සිදුකෙරිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එච්.ජි. ස්වර්ණලතා මහත්මිය ඇතුළු එම ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් මෙම සංචාරය සදහා එක් වූහ.