2023-10-03 21:45:52
ලෝක ළමා දිනයට සමගාමීව කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිමාලි රණතුංග මහත්මිය සහ එම ශාඛාවේ සාමාජිකාවන් එක්ව පසුගිය ඉරිදා (ඔක්තෝම්බර් මස 01) දින කඩවත රන්මුතුගල විහාර පරිශ්‍රෙය්දී ශ්‍රී විමලවංශ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින ළමුන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.
2023-10-03 21:34:28
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් බළන්ගොඩ, නන්පෙරියල් වතුයායේ පිහිටි විවේගානන්ද පාසලේ ළමුන් වෙනුවෙන් අතාවශ්‍ය ද්‍රව්‍ය, දිවා භෝජන සංග්‍රහයක් සහ විනෝදාස්වාදන වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 26) දින පවත්වන ලදී.
2023-10-03 21:11:44
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව එක්ව ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් බෝයගනේ, විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථනයේදී පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 01) දින පැවැත්වූ අතර, ඒ සඳහා එම ප්‍රදේශයේ ළමා නිවාසවල නේවාසිකව සිටින ළමුන් 100 දෙනෙකු සහභාගී වූහ.
2023-10-03 00:13:49
යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකා සේවා වනිතා ශාඛාව මගින් ‘සෞභාග්‍ය අත්කම් නිර්මාණ හා වෙළඳ භාණ්ඩ ප්‍රදර්ශනය’ සැප්තැම්බර් මස 22-24 යන දිනයන්හිදී පනාගොඩ, බෝධිරාජාරාම පාසල් ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබීය.
2023-10-03 00:07:18
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව විසින් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වාට්ටු අංක 05 හි නේවාසික ප්‍රතිකාර ලබන කාන්තා රෝගීන් 34 දෙනෙකු සහ එහි කාර්යය මණ්ඩලය සඳහා විශේෂ මානසික සුවතා වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 26) දින සංවිධානය කරන ලදී.
2023-10-03 00:01:32
පාසල් ළමුන්ගේ නිර්මාණාත්මක කලා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි වනිගසේකර මහත්මියගේ උපදෙස් මත ‘Arts Competition - 2023’ නමින් චිත්‍ර තරඟයක් එම ඒකකයේ රණවිරුවන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ ළමුන් වෙනුවෙන් සංවිධානය කරන ලදී.
2023-10-01 19:07:30
රණක්ෂිතයට පත්ව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 23) දින අභිමංසල - 1 සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.
2023-10-01 18:58:27
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 23) දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්නයේදී පැවැත්වූ අතර, එහිදී වෛද්‍යධාර මුදල් පරිත්‍යාගයක්ද ප්රදානය කරන ලදී.
2023-09-27 21:26:47
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත එම ඒකකය මගින් යුද්ධ හමුදා භටපිරිස් වෙනුවෙන් නවීන තාක්ෂණික පහසුකම් සහිත පෝෂණ ගුණයෙන් ඉහළ යෝගට් නිෂ්පාදනය ව්‍යපෘතියක් පසුගියදා ආරම්භ කරන ලදී.
2023-09-27 21:22:53
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී තුෂාරි වනිගසේකර මහත්මියගේ උපදෙස් මත එම ශාඛාව විසින් ‘Elegant Styles’ නමින් අංග සම්පූර්ණ රූපලාවන්‍යාගාරයක් ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර පරිශ්‍රය තුළදී පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 21) දින ආරම්භ කරන ලදී.