22nd November 2023 23:19:16 Hours
රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් වාර්ෂිකව සිදුකරනු ලබන අභිමංසල - 3 සුවතා නිකේතනයේ සංචාරය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින සිදුකරන ලදී.
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත මෙම සංචාරය සිදුකෙරිණි.
මෙම සංචාරයේදී නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ ප්‍රයෝජනය සදහා රු. 50,000.00 වටිනාකමකින් යුත් සනීපාරක්‍ෂක ද්‍රව්‍ය සහ විදුලි උපකරණ පරිත්‍යාග කිරීමෙන් අනතුරුව දිවා භොජන සංග්‍රහයක්ද ඔවුන් වෙත පිරිනමනු ලැබීය.
එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් 31 දෙනෙකු වෙත එහිදී රු.4,500.00 ක වටිනාකමකින් යුත් ත්‍යාග ප්‍රදානය කිරීමෙන් අනතුරුව රණවිරුවන්ගේ මානසික සුවය අරමුණු කරගනමින් සංගීතමය වැඩසටහනක් ද පැවැත්වීය.
මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.