2023-11-02 20:02:00
කොළඹ, යුද්ධ හමුදා මූලික රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය කපිතන් එල්.ඒ.ඩ්.ජි චන්ද්‍රසිරි විසින් බොරැල්ල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා’ පිළිබඳ හරවත් දේශනයක් පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 23) දින පවත්වන ලදී.
2023-10-30 22:17:13
ශ්‍රී ලංකා සංඥා බලකායේ 80 වන සංවත්සරයට සමගාමීව සහ ලෝක ළමා දිනය නිමිත්තෙන් එම බලකා සේවා වනිතා ශාඛාව මගින් ශ්‍රී ලංකා සංඥා බලකා සාමාජිකයන්ගේ පවුල් වල අධ්‍යාපනය ලබන සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා සුභසාධන වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 26) දින පවත්වනු ලැබීය.
2023-10-30 22:00:13
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 21) දින නෙළුම් පොකුණ රඟහලේදී ‘Sappers’ Retro Musical Concert, 'Evergreens of the 70s’ සංගීතමය වැඩසටහන පැවැත්වීය.
2023-10-26 07:13:26
ලෝක ළමා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 21) දින වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.
2023-10-26 07:11:42
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මුලිකත්වයෙන් එම බලකා සාමාජිකයන්ගේ පවුල්වල අපොස (උ/පෙළ) සමත් සිසු සිසුවියන් වෙත රුපියල් 25,000/= බැගින් වූ ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 19) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-10-21 07:25:57
ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවය කරන හමුදා සාමාජිකයින්ගේ පවුල් වල සිටින විවිධ ආබාධිත තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා එම බලකායේ සේවා වනිතා ශාඛාව විසින් රෝද පුටු, ශ්‍රවණාධාර උපකරණ, පාසල් ලිපිද්‍රව්‍ය, නවීන නාන කාමර උපකරණ ඇතුළු අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (ඔක්තෝම්බර් මස 01) දින පවත්වනු ලැබීය.
2023-10-20 10:16:48
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උත්පලා හෙට්ටිආරච්චි මහත්මියගේ අධීක්ෂණය මත එම රෙජිමේන්තුවේ දිවංගත සහ සේවයේ නියුතු රණවිරුවන්ගේ දරුවන් දිරිගැන්වීමේ අරමුණින් ඔවුන් වෙත ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කෙරිණී.
2023-10-20 10:09:54
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසු සිසුවියන් සූදානම් කිරීමේ අරමුණින් කරගනිමින් ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පසුගිය සිකුරාදා (2023 සැප්තැම්බර් මස 23) දින පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ‘පහට පහක්’ වැඩසටහන පැවැත්වීය.
2023-10-20 10:02:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති හා යුද්ධ හමුදා විනායාරක්ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී සහ එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මියගේ උපදෙස් මත මහරගම අපේක්ෂා රෝහල වෙත පලතුරු, කිරිපිටි සහ සනීපාරක්ෂක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 14) දින පවත්වනු ලැබීය.
2023-10-20 09:38:02
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නන්දනී සමරකෝන් මහත්මියගේ උපදෙස් එම රෙජිමේන්තුවේ සේවයේ නියුතු සිවිල් සේවක මහතෙකුගේ බිරිඳක් වෙත රෝද පුටුවක් පසුගිය සෙනසුරාදා (ඔක්තෝම්බර් මස 02) දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේදී පරිත්‍යාග කරන ලදී.