2024-01-17 19:50:05
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ මූලිකත්වයෙන් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 13) දින දංඕවිට, ‘සඳැල්ල වැඩිහිටි සත්කාරක මැඳුර’ වැඩිහිටි නිවාසයෙහි නේවාසිකව සිටින ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.
2024-01-14 18:26:51
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පසුගිය බදාදා (ජනවාරි මස 10) දින අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් එම සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.
2024-01-14 18:22:09
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ‘ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා සුබසාධන වෙළඳසැල’ පසුගිය බදාදා (ජනවාරි මස 10) දින විවෘත කරනු ලැබීය.
2024-01-14 18:16:44
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් පසුගිය බදාදා (ජනවාරි මස 10) දින බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටලු’ මැයෙන් අධ්‍යාපනික සැසියක් පැවැත්වීය.
2024-01-12 17:35:09
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික රැස්වීම පසුගිය බදාදා (ජනවාරි මස 10) දින යුද්ධ හමුදා මුලස්ථාන පරිශ්‍රයේදී රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන්, විධායක මණ්ඩල සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
2024-01-11 20:17:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් එම බලකාය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන්ගේ අධ්‍යාපන කටයුතුවල නිරත පාසල් දරු දැරියන් 26 දෙනෙකු වෙත පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (ජනවාරි මස 05) දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-01-10 19:30:51
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ සංකල්පයකට අනුව 2024 ජනවාරි මස 09 දින ශ්‍රී ලංකා පාබල හමුදා දේශන ශාලාවේදී ගුරු පුහුණු වැඩමුළුවක් පැවැත්විණි. දිවයින පුරා ස්ථාපිත විරු කැකුළු පෙරපාසල් අටක ඉගැන්වීම් කටයුතුවල නිරත ගුරු භවතුන් සවිබල ගැන්වීම, ළමා මනස පෝෂණය කිරීම සඳහා අවශ්‍ය කුසලතා සහ දැනුම ඔවුන් වෙත ලබාදීමේ අරමුණින් මෙම වැඩමුළුව පැවැත්විණි.
2024-01-10 19:18:19
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් හොරණ, ගල්පාත ‘සුඛිත’ ආබාධිත ළමා නිවාසයේ ළමුන් වෙනුවෙන් 2024 ජනවාරි මස 07 දින පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-01-05 16:24:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව වෙතින් අසිරිමත් නත්තල වෙනුවෙන් කොළඹ යුද්ධ හමුදා රෝහලේ ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින නත්තල් කැරොල් වැඩසටහනක් පැවැත්වීය.
2024-01-03 16:55:34
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උත්පලා හෙට්ටිආරච්චි මහත්මියගේ සංකල්පයකට අනුව එම රෙජිමේන්තු සාමාජිකයන්ගේ සුබසාධන ව්‍යාපෘති තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් 2023 ඔක්තෝබර් මස 26 දින ‘Gallant Bar Snacks’ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.