Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th September 2023 21:12:34 Hours

7 ගැමුණු හේවා බලකායේ බලඇණි දිනය අභිමානවත්ව සමරයි

23 පාබල සේනාංකයට අයත් 233 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 7 ගැමුණු හේවා බලකායේ බලඇණි දිනය වෙනුවෙන් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින මඩකලපුව දිස්ත්‍රික්කයේ කදිරවේලි ප්‍රදේශයේ පිහිටි තිලකාවතියර් බාලිකා නිවාසයේ නේවාසික දැරියන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑසීසී අයිජී සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පි යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත මෙම දිවා භෝජන සංග්‍රහය පිරිනැමිණි.

පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් 233 පාබල බලසේනාවේ කාර්යයේ නියුතු බලසේනාධිපති කර්නල් කේ.එස්.පී. පොතුපිටිය යූඑස්පී පීඑස්සී අයිජී ගේ සහයෝගය ද හිමිවිය.

මෙම වැඩසටහනේදී තිලකාවතියර් බාලිකා නිවාසයේ නේවාසික දැරියන් 25 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 10 දෙනෙකු වෙත දිවා භෝජනය පිරිනැමිණි.

මෙම වැඩසටහන සඳහා 233 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී මේජර් එම්.පී. හෙට්ටිආරච්චි, 7 ගැමුණු හේවා බලකායේ උපකරණ පාලක නිලධාරි කපිතන් ඩබ්ලිව්.ඒ.ඩී. විජේමාන්න ඇතුළු නිලධාරීන් 2 දෙනෙක් සහ සෙසුනිලයන් 10 දෙනෙකු සහභාගී වූහ.