Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th September 2023 20:07:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් මත් ද්‍රව්‍ය හා මත් ද්‍රව්‍ය භාවිතයේ අතුරු ප්‍රථිපල පිළිබඳව සිසුන් සහ සිවිල් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් මත් ද්‍රව්‍ය හා මත් ද්‍රව්‍ය භාවිතයේ අතුරු ප්‍රථිපල පිළිබඳව සිසුන් සහ සිවිල් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා දින (සැප්තම්බර් 12) කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලය පරිශ්‍රයේදී පවත්වන ලදී.

කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි සහ ඉස්ලාමීය ආයතන සම්මේලනය, මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජි, ආගමික පූජකයින් සමඟ සාකච්ඡා කර මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දියත් කරන ලදී.

කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති මෙම සැසිය සඳහා ප්‍රදේශයේ සිසුන් සහ තරුණ තරුණියන් 600 කට අධික පිරිසක් සහභාගී වූ අතර මෙම වැඩසටහන මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් භාර නිලධාරී අබ්දුල් රහීම් මහතා සහ ආහාර පාන සුරක්‍ෂිතතා නිලධාරි අබ්දුල් තස්තීර් (විශ්‍රාමික) මහතා විසින් මෙහෙයවන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැඟෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සිය ආරම්භක දේශනය සිදුකරමින් රටේ ඉදිරි ගමනට සහ එහි තරුණ පරම්පරාවට දැඩි අභියෝගයක් ව පවතින මත්ලෝලීන්ගේ විවිධ තර්ජන පිළිබඳව රැස්ව සිටි පිරිස දැනුවත් කළේය. තවද එතුමන් විසින් ඉදිරියේදීද නැඟෙනහිර පළාත ආවරණය වන පරිදි මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද එහිදි ප්‍රකාශ කළේය.

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 243 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ ඒ යටතේ ඇති ඒකකයන්හි අණදෙන නිලධාරීන්, කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි සහ ඉස්ලාමීය ආයතන සම්මේලනයේ සභාපති රවුෆ් මජීත් මහතා, ආගමික සහ සිවිල් සංවිධාන නායකයින් සහ ප්‍රධානීන් රැසක් මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වුහ.