15th September 2023 18:21:57 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මගින් සංවිධානය කරන ලද ජංගම වෛද්‍ය සායනයක් වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 13) දින පැවති අතර, ඒ සඳහා සිවිල් වැසියන් 500 කට අධික පිරිසක් වෙත නොමිලේ වෛද්‍ය උපදේශන සේවා, වෛද්‍ය පරීක්‍ෂණ, ඖෂධ ලබාදීම සිදුකරනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ උපදෙස් මත 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ අධීක්‍ෂණය යටතේ 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන සිදුකරන ලදී.
වෛද්‍ය සායනයේදී ‘Inter-faith Coalition for Peace’ සංවිධානය මගින් සිවිල් වැසියන් වෙත රුපියල් 700,000.00 වටිනාකමකින් යුත් ඖෂධ ලබාදුන් අතර, දෘෂ්ඨි පරීක්‍ෂාව, ශ්‍රවණ හා කථන පරීක්‍ෂණ, BMI පරීක්‍ෂාව, රුධිර පීඩන පරීක්‍ෂාව, රුධිර සීනි පරීක්‍ෂාව, රෝග පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වෛද්‍ය ප්‍රදර්ශනයක්ද සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකා මෙතෝදිස්ත පල්ලියේ රදගුරු එබනේසර් ජෝසප් පියතුමා (Rev Ebenezer Joseph), ජාතික ක්‍රිස්තියානි සභාවේ හිටපු මහලේකම් සහ ‘Inter-faith Coalition for Peace’ සංවිධානයේ භාණ්ඩාගාරික හේමකුමාර ගුණසේකර මහතා, එම සංවිධානයේ කාන්තා අංශයේ ප්‍රධානී තිලානි විතානගේ මහත්මිය මෙම වැඩසටහන මෙහෙයවීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ.
233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එස්.පී පොතුපිටිය යූඑස්පී පීඑස්සී අයිජී විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද අතර, ඒ සඳහා වෛද්‍ය වෘත්තිකයන් 31 දෙනෙකු සහභාගී වූහ.
වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 231 සහ 233 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.