Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2023 17:34:01 Hours

කොටහේන, ශ්‍රී පරමානන්ද පුරාණ විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානයේ - බටහිර භටපිරිස්හි සහය

කොටහේන, ශ්‍රී පරමානන්ද පුරාණ විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 15) දින පැවැත්වූ අතර, එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කරනු ලැබූ ඉල්ලීමකට අනුව පෙරහැර පැවැත්වීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් දායකත්වය ලබා දෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ අතර, විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ දායක සභාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා භටපිරිස් උත්සවයේ කටයුතු සාර්ථකව පැවැත්වීමට දායකත්වය ලබාදුන්හ.

මෙම විචිත්‍රවත් වාර්ෂික ඇසළ මහා පෙරහැර නැරඹීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ නරඹන්නන් විශාල පිරිසක් සහභාගී වූහ.