Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th February 2024 12:42:49 Hours

4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පා පන්දු තරඟාවලියක්

සිවිල් වැසියන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව 2023 නොවැම්බර් මස 19 සිට 25 දින දක්වා පා පන්දු තරඟාවලියක් සංවිධානය කරනු ලැබූ අතර එම තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය ඉරිදා (පෙබරවාරි මස 04) දින යාපනය, නෙල්ලිඅඩි කොලින්ස් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් කණ්ඩායම් 10 ක් මෙම තරඟාවලියේදී තරඟවැදිණි. කරවෙඩ්ඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරමින් සහභාගී වූ සමරබාහු නිව්ටන් ක්‍රීඩා සමාජය සහ වදිරි දියමන්ති ක්‍රීඩා සමාජය අවසන් මහා තරඟය සඳහා තේරි පත්වූ අතර එහිදී වදිරි ඩයමන්ඩ් ක්‍රීඩා සමාජය ශූරතාවය දිනාගනු ලැබීය.

අවසන් මහා තරඟය නැරඹීම සඳහා 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම්, පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන්, වෙළඳ සංගම් සභාපතිවරුන්, ග්‍රාම නිලධාරී, ක්‍රීඩා සමාජ සභාපතිවරුන් සහ ක්‍රීඩාලෝලී සිවිල් වැසියන් විශාල පිරිසක් පැමිණ සිටියහ.