11th February 2024 20:47:44 Hours
4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ‘නැගෙන හිරු’ පෙරපාසල් ළමුන්ගේ ප්‍රයෝජනය සඳහා සනීපාරක්ෂක පහසුකම් සහිත සංකීර්ණයක් ඉදිකිරීම පසුගිය සඳුදා (පෙබරවාරි මස 5) දින ආරම්භ කරන ලදී.
සනීපාරක්ෂක පහසුකම් සංකීර්ණය ඉදිකිරීම සදහා අවශ්‍ය මුල්‍ය අනුග්‍රාහකත්වය ප්‍රසිද්ධ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහාතා විසින් දරනු ලබයි. මෙහි ඉදිකිරීම් කටයුතු 232 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත 4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිගේ අධීක්ෂණය යටතේ සිදුකරණ අතර මෙහි මුලික අරමුණ වනුයේ පෙරපාසලේ යටිතල පහසුකම් දියුණු කිරිමයි.