09th February 2024 11:42:49 Hours
76 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව 211 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2024 පෙබරවාරි මස 04 දින පදවිය, වෙහෙරතැන්න ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන ළමුන් 50 දෙනෙකු වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ මේජර් ජෙනරල් දේවින්ද පෙරේරා (විශ්‍රාමික) පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.