Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2024 14:49:10 Hours

56 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් යල කන්නයේ අස්වැද්දවීමේ උත්සවයක්

යල කන්නයේ වී අස්වැද්දීමේ උත්සවය සාම්ප්‍රදායික හා ආගමික වතාවත් මධ්‍යයේ 2024 අප්‍රේල් මස 09 දින 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී, කුඹුරු අක්කර හයක කුඹුරු යායක් තුළ බීජ වපුරවනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.