Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2024 16:38:40 Hours

22 පාබල සේනාංකය වෙතින් දැල්පන්දු පුහුණු සැසියක් පවත්වයි

22 පාබල සේනාංකය වෙතින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් එම සේනාංක ක්‍රීඩාපිටියේදී 2024 අප්‍රේල් මස 05 සිට 09 දින දක්වා කාලය තුළ දැල්පන්දු පුහුණු සැසියක් පැවැත්වීය.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පි යූඑස්පී පීඑස්සි ගේ මඟපෙන්වීම මත මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

යුද්ධ හමුදා දැල්පන්දු ක්‍රීඩිකාවන්ගේ සහයෝගය ඇතිව හිටපු ජාතික දැල්පන්දු ක්‍රීඩිකාවක් වන 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ භාර්යාව වන ඩබ්ලිව්.ඒ. සංජීවනී වනසිංහ මහත්මිය විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබීය.

පුහුණු වැඩසටහනේ සමාප්ති උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, විදුහල්පතිවරුන්, පාසල්වල ක්‍රීඩා භාර ගුරු භවතුන්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ක්‍රීඩා භාර නිලධාරි ඇතුළු පිරිසක් සහභාගි වූහ.