07th May 2024 18:46:32 පැය
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත කහගොල්ල බලඇණි පුහුණු පාසලේ භටපිරිස් විසින් බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ශිෂ්‍යභටයින් සඳහා 2024 මැයි මස 04 දින තෙදිනක වැඩමුළුවක් ආරම්භ කරනු ලැබීය.
06th May 2024 17:05:44 පැය
පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ පදිංචි නිවාස අවශ්‍ය පවුලක් වෙනුවෙන් ‘Lift Life Foundation’ හි අනුග්‍රාහකත්වය යටතේ 593 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 6 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් දින 10 ඇතුළත නව නිවසක් ඉදිකර ප්‍රථිලාභීන් වෙත පසුගියදා පවරා දෙනු ලැබීය.
06th May 2024 16:48:40 පැය
21 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 වර්ෂය සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියට (NAITA) නවතමයෙන් එක් වූ සිසුන් දිරිගැන්වීමේ අරමුණින් දින පහක පෞරුෂ සංවර්ධන වැඩමුළුවක් පවත්වන ලදී.
06th May 2024 16:42:51 පැය
වවුනියාව මහ රෝහලේ රුධිර බැංකුවේ හදිසි රුධිර අවශ්‍යතා සපුරාලීමේ අරමුණු කරගණිමින් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ 56 පාබල සේනාංකයේ භට පිරිස් විසින් 2024 මැයි මස 02 දින එම සේනාංකයේදී රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් පැවැත් වූහ.
06th May 2024 16:32:23 පැය
දියතලාව මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස්හි සහය ඇතිව මැයි මස 02 වන දින සාර්ථකව පවත්වන ලදී.
03rd May 2024 13:01:59 පැය
පුනරුත්ථාපනය සඳහා සහයවීමේ සහ නැවත පදිංචි කිරීමේ සංවිධානයේ නියෝජ්‍ය ලේකම් ආචාර්ය වේලායුදම් සර්වේෂ්වරන් ගේ අනුග්‍රාහකත්වය මත 56 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 අප්‍රේල් මස 28 දින කනගරායන්කුලම් ප්‍රදේශයේදී අක්ෂි සායනයක් පවත්වන ලදී.
02nd May 2024 18:19:32 පැය
මලිත්තගොඩ ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර විසින් නිකුත් කරන ලද දැනුම්දීමකට අනුව එම අවධානම් තත්ත්වය සඳහා ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත, 112 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 2 ශ්‍රී ලංකා රයිෆල් බලකාය, 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 23 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 2024 අප්‍රේල් මස 23 දින එම ප්‍රදේශවාසී ජනතාව වෙත සහන සැලසීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.
02nd May 2024 18:14:22 පැය
සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් බදුල්ල ප්‍රදේශයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හී නේවාසික ළමුන් වෙනුවෙන් ත්‍යාග පාර්සල් 1540 ක් බෙදාදීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් මස 13 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
30th April 2024 20:10:14 පැය
10 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් තංගල්ල බාලිකා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කර 2024 අප්‍රේල් මස 10 දින එම ගොඩනැගිල්ල නිල වශයෙන් පාසල් බලධාරීන් වෙත භාරදෙනු ලැබීය.
30th April 2024 20:08:51 පැය
55 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 551 පාබල බලසේනාවේ භටපිරිස්, කිලිනොච්චිය පොලිස් ස්ථානය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සිවිල් සංවිධාන සමඟ එක්ව කිලිනොච්චිය නගර මධ්‍යයේ ඒකාබද්ධ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය.