12th April 2024 16:48:25 Hours
582 පාබල බලසේනාව වෙතින් විශේෂ අවශ්‍යතා සහිත ළමුන් 83 දෙනෙකු වෙනුවෙන් 2024 අප්‍රේල් මස 08 දින හොරණ ‘සුඛිත ආබාධිත ළමා නිවාසයේදී’ සංගීත වැඩසටහනක් පැවැත්වීය.
582 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.එල්.ඩී.එස්. මොල්ලිගොඩ යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
මීට සමගාමීව, වෛද්‍ය තරුෂි දිල්හාරා සහ වෛද්‍ය ජිනංජලා ශානිකා විජේගුණසේකර මහත්මියගේ අනුග්‍රාහකත්වය ඇතිව එම ළමුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ අනුග්‍රාහක භවතුන් ද සහභාගී වූහ.