Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2024 18:39:17 Hours

21 පාබල සේනාංකය වෙතින් රුවන්වැලි මහා සෑ පුදබිම පිරිසිදු කිරීමේ වැඩසටහනක්

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ අධීක්‍ෂණය මත එම සේනාංකය වෙතින් 2024 අප්‍රේල් මස 08 දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුදබිම අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

පරිසර සංරක්‍ෂණය සඳහා සිය දායකත්වය ලබාදීමේ අරමුණින් 212 සහ 213 පාබල බලසේනාවන්හී භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහ.