21st May 2024 20:41:25 Hours
55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 553 පාබල බලසේනාව කිලිනොච්චි දිස්ත්‍රික්ක මහ රෝහල සමඟ එක්ව තර්මපුරම් ප්‍රාදේශිය රෝහලේ දී 2024 මැයි මස 18 දින රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් වෙසක් උත්සවයට සමගාමීව පවත්වන ලදී.
කිලිනොච්චි මහ රෝහලේ රුධිර බැංකුවේ හදිසි රුධිර අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන පවත්වනු ලැබූ අතර, 553 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.අයි.එස් මෙන්ඩිස් ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ, 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 50 දෙනෙකුගෙන් යුත් භටපිරිසක් මෙහිදී රුධිරය පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.