15th May 2024 18:13:51 Hours
වවුනියාව ප්‍රදේශයේ අක්ෂි දෝශ සහිත පුද්ගලයන්ට උපකාර කිරීමේ අරමුණින් 562 බලසේනාවේ ස්ථාපිත 17 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් රාජේන්ද්‍රකුලම් දමිල මිශ්‍ර පාසලේ දී අක්ෂි සායනයක් 2024 මැයි 12 දින පවත්වන ලදී.
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ සංවිධානයේ සහකාර ලේකම් ආචාර්ය වේලායුදම් සර්වේස්වරන්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී. විශේෂඥ අක්ෂි වෛද්‍යවරයෙකු විසින් රෝගීන් 382 දෙනෙකුගේ ඇස් පරික්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව ඇස් කණ්නාඩි පරිත්‍යාගයක් සිදුකෙරිණි
මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි අංශයේ කාර්ය මණ්ඩලය, විෂන් කෙයාර් පුද්ගලික ආයතනයේ කාර්යය මණ්ඩලය සහ ප්‍රදේශවාසීහු සහභාගි වූහ.