21st May 2024 18:56:56 Hours
52 පාබල සේනාංකය, 521 පාබල බලසේනාව සහ 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් පේදුරුතුඩුව, කට්කෝවලම් හි පිහිටි කට්කෝවලම් මෙතෝදිස්ත මිශ්‍ර දමිළ විද්‍යාලයේ සිසුන් සඳහා අධ්‍යාපන චාරිකාවක් සම්බන්ධීකරණය කරන ලදී.
සක්කොටයි තුඩුව සහ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැරඹීමට සිසුන්ට මෙහිදී අවස්ථාව උදා වූ අතර, කන්කසන්තුරේ වෙරළ තීරයේ විනෝදාස්වාදජනක වැඩසටහනක්ද පැවැත්වීය. මෙම සංචාරයේදී බොහෝ සිසුන්ට පළමු වරට දුම්රිය මගින් කන්කසන්තුරේ සිට කොඩිකාමම් දක්වා ගමන් කිරිමට ද අවස්ථාව උදාවිය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් විසින් අධ්‍යාපන චාරිකාවේ නිරත සියලුම සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් සඳහා දිවා ආහාරය ලබා දෙන ලදී. සිසුන්ට නව අත්දැකීමක් ලබාගැනීමට හැකි වූ මෙම අධ්‍යාපන චාරිකාව සංවිධානය කල යුද්ධ හමුදා භටපිරිස් වෙත පාසල් කාර්යය මණ්ඩලය සිය ස්තූතිය පුද කළහ.