15th May 2024 18:27:49 Hours
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්පී ගේ මඟපෙන්වීම යටතේ 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2024 මැයි මස 12 දින සේරුවිල මංගල රජමහා විහාර ශ්‍රී සුමේදන්කර දහම් පාසලේ සිසුසිසුවින් 300 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන හෝමාගම ප්‍රදේශයේ පදිංචි ඉසුරු ප්‍රභාත් කුමාර මහතා සහ එම මහත්මියගේ මුල්‍ය දායකත්වය මත ක්‍රියාත්මක කෙරිණි. මෙම අවස්ථාවට සේරුවිල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුභෝදි හිමිපාණන් වහන්සේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගී වූහ