Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th June 2024 21:51:08 Hours

11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයක් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙයි

මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවන් සඳහා නිල ලාංඡන පැලදවීමේ උත්සවයක් 2024 ජූනි මස 25 දින පවත්වන ලද අතර, එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී විය.

විද්‍යාලය වෙත පැමිණි එතුමන් විද්‍යාලයීය සිසුවියන් සහ ආචාර්ය මණ්ඩලය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අනතුරුව, එතුමන් එම පිරිස අමතමින් නායකත්වයේ වැදගත්කම අවධාරණය කළේය. පසුව එතුමන් විසින් නවතමයෙන් පත් වූ පාසල් ශිෂ්‍ය නායිකාවන් වෙත නිල ලාංඡන පලදවනු ලැබීය. මහා සංඝරත්නය සහ පාසල් ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.