Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2024 00:25:49 Hours

පොසොන් උත්සවය සැමරීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් එක් වෙයි

පොසොන් උත්සවය නිමිත්තෙන් 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.එම්.බී යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 21 දින සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී පොල් රොටි දන්සැලක් සංවිධානය කරන ලදී.

මීට සමගාමීව 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ද පොසොන් උත්සවයට සමගාමීව J/358 ඉමායානන් ප්‍රදේශයේදී කොස් දන්සැලක් සංවිධානය කරන ලදී.

තවද, 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් ඒකක පරිශ්‍රය අසල සීනි සම්බෝල පාන් සහ තේ පැන් දන්සැලක් සංවිධානය කරන ලදී.

එලෙසම, පොසොන් උත්සවය වෙනුවෙන් 10 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් මරදන්කේනි ප්‍රදේශයේ ජීවත්වන ප්‍රදේශවාසීන් සඳහා බත් දන්සැලක් පවත්වන ලද අතර, ඒ සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.