Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th June 2024 22:24:43 Hours

211 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් බත් දන්සැලක්

211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන් කදනආරච්චි ආර්එස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් විසින් වැලිඔය, 211 පාබල බලසේනා මූලස්ථානයේදී 2024 ජුනි මස 25 දින බත් දන්සැලක් පවත්වන ලදී.

පොසොන් පොහෝ දිනයට සමගාමීව මෙය සංවිධානය කර තිබූ අතර, අලිවංගුව බෝධිරුක්ඛාරාමය සහ මොරගහහේන පූර්වාරාම විහාරස්ථානාධිපති මිල්ලෑවේ සුමනතිස්ස හිමියන්ගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව දන්සැලේ කටයුතු ආරම්භ කරනු ලැබීය.