07th July 2024 18:57:29 Hours
පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ මඟපෙන්වීම මත 613 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2024 ජූලි 04 දින වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ සිසුවියන් 100 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්ව පුහුණු වැඩසටහනක්’ පැවැත්වීය.
3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ නිලධාරින් 02 දෙනෙක් හා සෙසුනිලයන් 10 දෙනෙක් මෙන්ම සෙසුනිලයන් 05 දෙනෙකුගෙන් සමන්විත කැලිප්සෝ කණ්ඩායමක් විසින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. එම විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව එම විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවන්ගේ නායකත්ව හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණී. මෙම වැඩසටහන සඳහා විද්‍යාලීය ගුරු භවතුන් සහ දෙමාපියන් ද සහභාගී වූහ.