Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th July 2024 20:03:50 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් තැලසීමියා රෝගීන් පිරිසක් සඳහා සංචාරයක්

අනුරාධපුර මහ රෝහලේ තැලසීමියා ඒකකයේ රෝගීන් 33 දෙනෙකු 2024 ජූලි මස 06 සහ 07 යන දිනයන්හිදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයේ සංචාරයක නිරත වූහ. කන්කසන්තුරේ දුම්රිය ස්ථානය වෙත පැමිණි පිරිස එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත භටපිරිස් විසින් එම රෝගීන් යාපනයේ සිදුකරනු ලබන සංචාරයන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැපයීම සහ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.

සංචාරයේ නිරත වූවන්ට යාපනය නාගවිහාරයේ රාත්‍රී නවාතැන් පහසුකම් ලබාදුන් අතර, ඔවුන් වෙනුවෙන් තල්සෙවණ යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේ විනෝදාත්මක වැඩසටහනක් සහ දිවා භෝජන සංහ්‍රහයක් ද පිරිනමන ලදී. මෙම දෙදින සංචාරයේ දී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ එම කාර්යය මණ්ඩලය දැක්වූ සහයෝගය වෙනුවෙන් රෝගීන් සහ රෝහල් කාර්යය මණ්ඩලය සිය කෘතවේදීත්වය පළ කළහ.