30th November 2024 14:23:07 පැය
පාලිනගර්, සිවපුරම් ප්‍රදේශයේ පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් 2024 නොවැම්බර් මස 27 දින අවතැන් වූ පවුලක් බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුවනෙක නෞකාවේ සහයෝගය මත 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කටයුතු කරනු ලැබීය.
30th November 2024 14:20:47 පැය
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 10 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 2024 නොවැම්බර් 29 වන දින පේදුරුතුඩුව - වෙට්ටාලෙයිකර්නි මාර්ගයේ පාලමක් ප්‍රතිසංස්කරණය කරන ලදී.
30th November 2024 14:19:01 පැය
562 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මගපෙන්වීම සහ 12 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 28 දින උතුරු මැද පළාතේ වවුනියාව, කල්මඩු ජලාශයේ වාන් බැම්ම අසල ප්‍රබල දිය පහරකට හසුව ගසාගෙන ගොස් සිටි පුද්ගලයෙකු බේරාගැනීමට කටයුතු කළහ.
30th November 2024 14:17:13 පැය
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල වී පැවති තන්තිරිමලය සහ ගජසිංහපුර ප්‍රධාන මාර්ගය 2024 නොවැම්බර් මස 28 දින 5 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පිරිසිදු කරන ලදී.
30th November 2024 14:15:09 පැය
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් 2024 නොවැම්බර් මස 27 සහ 28 දෙදින තුළ මුලතිව්, සෙල්වපුරම් සහ කෝකිලායි ගම්මානවල අවතැන් වූ වැසියන් වෙනුවෙන් 12 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහන සේවා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව, 592 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් ආපදාවන්ට මුහුණදීම සඳහා අත්‍යවශ්‍ය සහයෝගය ලබාදෙමින් අවශ්‍යතා සහිත පවුල් 64 ක් වෙනුවෙන් ආහාර සහ වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.
29th November 2024 19:15:57 පැය
Grand Kandyan හෝටල් කළමණාකාරීත්වයේ ඉල්ලීමකට අනුව 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 නොවැම්බර් මස 25 දින එම හෝටලයේ සේවයේ නියුතු නිලධාරින් වෙනුවෙන් අභිප්‍රේරණ සහ කළමනාකරණ දේශනයක් පවත්වන ලදී.
29th November 2024 19:11:21 පැය
9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් වැලිකන්ද පොලිස් ස්ථානයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහයෝගය මත 2024 නොවැම්බර් මස 27 දින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වැලිකන්ද ප්‍රදේශයේ ඇතිවූ ගංවතුරට හසු වී සිටි ගොවීන් තිදෙනෙකු මුදවාගනු ලැබීය.
29th November 2024 19:09:27 පැය
11 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඛාදනය වීමේ අවදානමකට ලක්ව තිබූ පාලම්කුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනු ලැබීය. ඒ අනුව, 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 551 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත අධික වර්ෂාව මධ්‍යයේ භටපිරිස් විසින් වැලි කොට්ට 300 ක් අතුරා වැව් බැම්ම ආරක්ෂා කර ගැනීමටත්, සිදුවිය හැකි ව්‍යසනය වළක්වා ඒ අවට ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් කටයුතු කරනු ලැබීය.
29th November 2024 18:04:10 පැය
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ගේ මඟපෙන්වීම මත 5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ සහ 4 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් 2024 නොවැම්බර් මස 28 දින ස්ථාන දෙකක ගස් කඩාවැටීමෙන් සිදු වූ මාර්ග අවහිරතාවයන් වළක්වාලමින් එම ගස් කපා ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කරනු ලැබීය.
29th November 2024 18:02:38 පැය
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් 2024 නොවැම්බර් මස 28 දින කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැල්පොතුවැව ප්‍රදේශයේ පැවති ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ පුද්ගලයින් තිදෙනෙකු මුදාගැනීමට 1 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් කටයුතු කරනු ලැබීය.