Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2024 18:02:38 Hours

1 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරයි

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් 2024 නොවැම්බර් මස 28 දින කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැල්පොතුවැව ප්‍රදේශයේ පැවති ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ පුද්ගලයින් තිදෙනෙකු මුදාගැනීමට 1 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කටයුතු කරනු ලැබීය.

මෙම මුදවාගැනීමේ මෙහෙයුම සඳහා භටපිරිස් විසින් බෝට්ටුවක්, සැහැල්ලු වාහන රථයක්, බර වාහන රථයක් සහ විශේෂිත සෝදිසි සහ මුදවාගැනීමේ ආම්පන්න භාවිතා කරන ලදී. 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම් තුළින් සිවිල් වැසියන් ආරක්‍ෂිතව මුදවාගනිමින් හදිසි අවස්ථාවන්හිදී මහජනතාව වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය නැවතත් තහවුරු කරනු ලැබීය.