Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2024 14:15:09 Hours

12 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහන සේවා වැඩසටහන් ක්‍රියාත්මක කරයි

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් 2024 නොවැම්බර් මස 27 සහ 28 දෙදින තුළ මුලතිව්, සෙල්වපුරම් සහ කෝකිලායි ගම්මානවල අවතැන් වූ වැසියන් වෙනුවෙන් 12 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහන සේවා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව, 592 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් ආපදාවන්ට මුහුණදීම සඳහා අත්‍යවශ්‍ය සහයෝගය ලබාදෙමින් අවශ්‍යතා සහිත පවුල් 64 ක් වෙනුවෙන් ආහාර සහ වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.