Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2024 14:19:01 Hours

12 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් දිය පහරකට හසු වූ පුද්ගලයෙකු බේරාගනී

562 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මගපෙන්වීම සහ 12 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 28 දින උතුරු මැද පළාතේ වවුනියාව, කල්මඩු ජලාශයේ වාන් බැම්ම අසල ප්‍රබල දිය පහරකට හසුව ගසාගෙන ගොස් සිටි පුද්ගලයෙකු බේරාගැනීමට කටයුතු කළහ.