29th November 2024 11:23:36 පැය
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 521 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.එච්.ආර්. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය මත 52 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් ගංවතුරින් අවතැන් වූ කට්කෝවලම් සහ පුලිදනගර් ප්‍රදේශයන්හි වැසියන් එම ප්‍රදේශවලින් ඉවත්කිරීමට කටයුතු කරනු ලැබූහ.
28th November 2024 15:02:41 පැය
රට පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් 2024 නොවැම්බර් මස 27 දින මුතියන්කට්ටු කුලම් ජලාශයේ වාන් දොරටු හතර විවෘත කිරීම හේතුවෙන් වසන්තිපුරම් ගම්මානයට දැඩි ගංවතුර තත්ත්වයක් ඇති විය. මෙම ගංවතුරෙන් පවුල් 72කට බලපෑම් එල්ල වූ අතර පුද්ගලයන් 129 දෙනෙකු අවතැන් විය.
28th November 2024 14:06:59 පැය
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 24 පාබල සේනාංකයේ භටපිරිස් විසින් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්පාර, කොණ්ඩුවට්ටුවාන් ජලාශය පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ දුෂ්කරතාවයන්ට මුහුණ පෑ අ.පො.ස (උ/පෙළ) විභාගය සඳහා සහභාගී වන සිසු සිසුවියන්ට එම කටයුතු බාධාවකින් තොරව සිදුකරගැනීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදුන්හ. ඒ අනුව, විභාග අපේක්ෂකයින්ට අවශ්‍ය සහයෝගය තවදුරටත් සහතික කිරීම වෙනුවෙන් චදයන්තලාව, කොණ්ඩුවට්ටුවාන්, වීරයාඩි, කිලියෝදය සහ ආඩාල්ඔය ඉන්ධන පිරවුම්හල තුළ WMZ සන්නද්ධ රථ යොදවා තිබිණි.
28th November 2024 11:38:11 පැය
57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී ඒන්ඩීයූ ගේ උපදෙස් හා 571 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය මත රස්නායකපුර, නම්බුවාව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පවුල් 247 ක් වෙනුවෙන් 2024 නොවැම්බර් මස 27 දින බෝට්ටු ආධාරයෙන් වියලි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.
28th November 2024 11:34:19 පැය
මන්නාරම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාය විසින් 1 බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙතින් සිදුකළ ඉල්ලීමකට අනුව ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත 3 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 27 දින හානියට පත්ව තිබූ පෙරියකුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.
27th November 2024 20:55:30 පැය
අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ 2024 නොවැම්බර් මස 26 දින මන්නාරම දිස්ත්‍රික්කයේ සිතුමිණියාකුලම් වැව් බැම්මේ කොටසක් කඩා වැටී කූරායි ගම්මානය ගංවතුර තර්ජනයට ලක්විය.
27th November 2024 12:51:12 පැය
මහනුවර ඩොල්ෆින් පිහිනුම් ඇකඩමිය වෙතින් පවත්වනු ලැබූ සමස්ත ලංකා පිහිනුම් තරඟයේ ත්‍යාග ප්‍රධානෝත්සවය 2024 නොවැම්බර් මස 24 දින හිල්වුඩ් විද්‍යාලයීය පිහිනුම් තටාක පරිශ්‍රයේදී පැවැත්විණි.
27th November 2024 12:47:17 පැය
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම මත පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්හි පැවති දැඩි ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූවන්ට සහන සැලසීමේ කටයුතු සඳහා 23 පාබල සේනාංකයේ භටපිරිස් යොදවා ඇත. අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල හානියක් සිදු වී ඇති අතර මුදවාගැනීමේ මෙහෙයුම් සහ අවතැන් වූවන්ට ආපදා සහන සැලසීමේ කටයුතු සඳහා භටපිරිස් නිරතව සිටිති..
27th November 2024 12:32:04 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් 2024 නොවැම්බර් මස 25 දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන දේශන ශාලාවේදී යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක මහත්වරුන්ගේ පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත දරු දැරියන් වෙත ප්‍රශ්ණෝත්තර පොත් කට්ටල සහ අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
26th November 2024 19:40:17 පැය
12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 22 දින හම්බන්තොට, ගල්වැව විද්‍යාලයේ දී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.