Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2024 19:09:27 Hours

11 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් පාලම්කුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

11 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඛාදනය වීමේ අවදානමකට ලක්ව තිබූ පාලම්කුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනු ලැබීය. ඒ අනුව, 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 551 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත අධික වර්ෂාව මධ්‍යයේ භටපිරිස් විසින් වැලි කොට්ට 300 ක් අතුරා වැව් බැම්ම ආරක්‍ෂා කර ගැනීමටත්, සිදුවිය හැකි ව්‍යසනය වළක්වා ඒ අවට ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමටත් කටයුතු කරනු ලැබීය.