12th December 2024 15:41:11 පැය
122 පාබල බලසේනාවේ සහ 12 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 08 දින යෝධකණ්ඩිය, වැවයාය, කාකබෝධි විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
07th December 2024 22:36:51 පැය
3 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 3 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා කාන්තා බලකායේ භටපිරිස් විසින් සඳුන්පුර, ලත්පඳුර ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී 2024 දෙසැම්බර් මස 06 දින පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් පැවැත්වීය.
07th December 2024 22:32:33 පැය
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ අභිමානවත් 11 වන සංවත්සරය දිනය සනිටුහන් කරමින් 2024 ඔක්තෝම්බර් මස 26 දින සැමරුම් උත්සවයක් පැවැත්වීය.
07th December 2024 06:42:14 පැය
දඹුල්ල මහ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිතුමන්ගේ ඉල්ලීමකට අනුව 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්රක පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් එම රෝහලේ ළමා වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිය ශ්‍රමදායකත්වය ලබාදුන්හ.
05th December 2024 21:18:25 පැය
11 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පාලදිවත්ත ප්‍රදේශයේ මනුසත් දෙරණ සහ Dialog Axiata ආයතනයන් සමඟ එක්ව 2024 දෙසැම්බර් මස 1 දින වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් වෙල්ලාවෙලි ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය.
05th December 2024 21:05:59 පැය
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 591 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 30 දින මුලතිව්, කෝකිලායි ප්‍රදේශයේ පිහිටි ශාන්ත ආනා දෙව්මැදුරේදී ගංවතුරින් අවතැන් වූ සිවිල් වැසියන් 350 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
05th December 2024 20:47:41 පැය
05th December 2024 19:46:34 පැය
බෙලිඅත්ත දිස්ත්‍රික් ආයුර්වේද රෝහල් අධ්යක්ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව 12 පාබල සේනාංකයේ භටපිරිස් 2024 දෙසැම්බර් මස 03 දින එම රෝහල් පරිශ්‍රයේදී ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
04th December 2024 16:31:37 පැය
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත වවුනියාව දිස්ත්‍රික්කයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පවුල් වෙනුවෙන් 2024 නොවැම්බර් මස 29 දින මානුෂීය සහනාධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. මනුසත් දෙරණ සහ දානපති මහේෂ් ජයවර්ධන මහතාගේ අනුග්රාකත්වය මත මෙම මෙම වැඩසටහනට ක්‍රියාත්මක කෙරිණී.
03rd December 2024 11:53:50 පැය
14 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එච්.පී. පෙරේරා ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් හුලංනුගේ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් පසුගියදා ඉදිකර දෙන ලදී.