03rd December 2024 02:24:46 පැය
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම සහ 233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.එල්. විජේසිංහ යූඑස්පී අයිජී ගේ අධීක්ෂණය මත එම බලසේනාවේ භටපිරිස් ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මඩකලපුව ශාඛාව සමඟ ඒකාබද්ධව 2024 නොවැම්බර් මස 30 දින පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන යටතේ වාකරේ, කලිරිප්පු ප්‍රදේශයේ වෙසෙන පවුල් 46 ක් වෙනුවෙන් මදුරු විකර්ෂක දියර සහ කූඩාරම් ඉදිකිරීම සඳහා රෙදි පරිත්‍යාග කරනු ලැබීය.
03rd December 2024 02:22:56 පැය
51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ මූලිකත්වයෙන් 2024 නොවැම්බර් මස 30 දින කෝපායි ප්‍රදේශයේ ස්ථාපිත CIMIC උද්‍යානයේදී ‘කෝපායි කුසලාන පාපන්දු තරඟාවලිය - 2024’ සාර්ථකව පවත්වනු ලැබීය.
02nd December 2024 14:31:56 පැය
563 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 27 දින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කැඩීගිය නාවට්කුලම්, අලෙයිකාල්ල, පොද්දකුලම් වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.
01st December 2024 11:44:52 පැය
57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 නොවැම්බර් මස 29 දින ගංවතුරින් අවතැන් වූවන් රඳවා සිටින කළුගහතැන්න විද්‍යාලයේ ස්ථාපිත කර ඇති රැඳවූම් මධ්‍යස්ථානයේ සහ රිදීගම හා කළුගහතැන්න ප්‍රදේශවල නායයෑමෙන් අවතැන් වූ ප්‍රදේශයන්හි නිරීක්ෂණ සංචාරයක නිරත විය.
01st December 2024 11:43:02 පැය
හම්බන්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 12 පාබල සේනාංකයේ භටපිරිස් සමඟින් හම්බන්තොට දිස්ත්‍රික් ආපදා ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම එක්ව 2024 නොවැම්බර් මස 28 සහ 29 දෙදින තුළ අම්බලන්තොට, ගොඩවාය කලපුවේ මෝය කට ඛාදනය වීම වැළැක්වීමට කටයුතු කරනු ලැබීය.
01st December 2024 11:39:41 පැය
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ සංකල්පයකට අනුව 59 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 592 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත 5 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ මෙහෙයවීමෙන් එම ඒකකයේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 29 දින එම ඒකක මූලස්ථානයේදී මුතියන්කඩ්ඩු සහ මාන්කුලම් ප්‍රදේශවාසීන් වෙත බැටරි සහ බල්බ සහිත සූර්ය පැනල බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
01st December 2024 11:37:17 පැය
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ කපුගොල්ලෑව, මරදන්මඩුව වැවෙහි වැව්බැම්ම වැලි කොට්ට අතුරා පිළිසකර කිරීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 28 දින 5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.
30th November 2024 14:33:23 පැය
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් චෙඩ්ඩිකුලම්, ක්රිස්තෝවකුලම් ගම්මානයේ ඉරමියන්කුලම් වැව්බැම්මෙන් අධික ලෙස ජල වහනයෙන් ඒ අවට පිහිටි ආධියාපුලියන්කුලම් ගම්මානයේ ගම්වාසීන්ගේ නිවාස හා ගොවිබිම් ජලයෙන් යටවිය.
30th November 2024 14:27:00 පැය
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හොරොව්පතාන, පරංගියාවාඩිය, යාන්ඔය ජලාශයේ ජලය මුදාහැරීම හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් 5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් 2024 නොවැම්බර් මස 28 දින ගංවතුර සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මක කරනු ලැබීය.
30th November 2024 14:25:05 පැය
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපති හා 1 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්ෂණය මත කොට්ටාන්කුලම් ප්‍රදේශයේ මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල කරමින් පැවති ගංවතුර තත්ත්වයට ප්‍රතිචාර දක්මින් 1 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් කඩිනමින් අලුත්වැඩියා කටයුතු සිදුකළහ. භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී ගංවතුරෙන් අවතැන් වූවන්ට අත්‍යාවශ්‍ය සහන සේවා සැපයීම තුළින් ඔවුන්ගේ දුෂ්කරතාවයන් අවම කරගැනීමට හැකිවිය./p>