Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2024 19:11:21 Hours

ගංවතුරින් අවතැන් වූවන් වෙනුවෙන් 233 පාබල බලසේනාවෙන් මුදවාගැනීමේ මෙහෙයුම්

9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් වැලිකන්ද පොලිස් ස්ථානයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහයෝගය මත 2024 නොවැම්බර් මස 27 දින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වැලිකන්ද ප්‍රදේශයේ ඇතිවූ ගංවතුරට හසු වී සිටි ගොවීන් තිදෙනෙකු මුදවාගනු ලැබීය.

එමෙන්ම, 233 පාබල බලසේනාවේ භටපිරිස් විසින් වාකරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සමඟින් එක්ව ජලයෙන් යට වී ඇති ප්‍රදේශවලට ගොස් අවතැන් වූවන් වෙත වෛද්‍ය ආධාර සැපයීමට කටයුතු කළහ. ගංවතුර පැවති ප්‍රදේශයක ගර්භනී කාන්තාවක් මුදවාගනිමින් වාකරේ ප්‍රාදේශීය රෝහල වෙත ආරක්‍ෂිතව ඇතුළත් කිරීමට ද ඔවුන් සිය දායකත්වය ලබාදුන්හ.