26th December 2024 11:48:44 පැය
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 11 බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අක්කරෙයිපත්තුව, කන්නගිපුරම් පාසලේ දී දෙසැම්බර් මස 20 සහ 21 යන දිනයන්හිදී පවත්වන ලදී. එහිදී කන්නගිපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 25 ක් සඳහා ප්රතිලාභ හිමිවූහ.
25th December 2024 20:56:07 පැය
10 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් දෙසැම්බර් මස 23 දින J/433, මුල්ලියන් ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ තෝරාගනු ලැබූ අඩු ආදායම්ලාභී පවුල් පහක් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
25th December 2024 17:21:45 පැය
513 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඊ.එම්.එල්.පී ඒකනායක යූඑස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ මූලිකත්වයෙන් යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලද අතර, එහිදී පාසල් සිසුන් සඳහා බයිසිකල් 50 ක්, වැඩිහිටි කාන්තාවන් සඳහා වියළි ආහර සලාක පාර්සල් 25 ක් සහ ගර්භනී මව්වරුන් සඳහා පෝෂ්‍යදායී ආහර සලාක පාර්සල් 25 ක් බෙදා දෙන ලදී.
23rd December 2024 14:33:58 පැය
231 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් දිඹුලාගල, කළුකැලේ විජය පරාක්‍රම කනිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන් 233 දෙනෙකු වෙත පාසල් ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 21 දින පවත්වන ලදී.
22nd December 2024 12:42:46 පැය
23 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ඊ.ඒ එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ උපදෙස් මත 2024 දෙසැම්බර් මස 20 දින පලෛයි, ප්‍රාදේශීය රෝහලෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් වෙත දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් සිදු කරන ලදි.
22nd December 2024 10:11:47 පැය
කරුවලගස්වැව, ශ්‍රී විමලධර්ම පෙර පාසලේ ළමුන් 42 දෙනෙකු සහ තබ්බෝව, ශ්‍රී විජය පෙර පාසලේ ළමුන් 15 දෙනෙකු සඳහා රු. 1,80,000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 18 දින පැවැත්විණි.
22nd December 2024 10:03:33 පැය
පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ‘නිර්මල මාතා’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 18 දෙනෙකු වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 20 දින පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
21st December 2024 16:21:06 පැය
54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්ෂ ආර්එස්පී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2024, මන්නාරම ශාන්ත සෙබස්තියන් ආසන දෙව්මැදුරේදී 2024 දෙසැම්බර් මස 19 දින පැවැත්වීය. මෙම උත්සවය මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙලිස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ මඟපෙන්වීම යටතේ 54 පාබල සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන් සහ ඒකකයන්හි සහාය ඇතිව පවත්වනු ලැබීය.
20th December 2024 11:59:11 පැය
10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් එම ඒකක බලප්‍රදේශයේ පිහිටි නද්දන්කන්ඩාල් ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ පවුල් 60 ක වැසියන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 14 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
20th December 2024 11:55:56 පැය
මුලතිව් ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන් වෙනුවෙන් කෘතීම අත් පා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 18 දින 12 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා ඒකක පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණි. ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් සහ 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ආබාධිතයන්ගේ පුහුණු මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.