26th November 2024 19:38:48 පැය
52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 521 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 2024 නොවැම්බර් මස 21 දින නෙල්ලිඅඩි, මධ්‍ය මහා විද්‍යාලයේ පැවති සරඹ තරඟාවලියේ විනිශ්චය මණ්ඩලය සඳහා 4 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් 09 දෙනෙකු සහභාගී වූහ.
26th November 2024 19:36:50 පැය
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 1 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 22 දින අයියකච්චි මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
26th November 2024 17:27:03 පැය
143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 16 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය මත 2024 නොවැම්බර් මස 24 දින කල්පිටිය, ඉලන්තඩිය මුහුදුබඩ ප්‍රදේශයේදී වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
25th November 2024 22:53:27 පැය
ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා පැවති වර්ණ ප්රදානය කිරීමේ උත්සවය 2024 නොවැම්බර් මස 21 දින එම පාසල් ශ්‍රවණාගාරයේ පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී සහභාගී විය.
25th November 2024 22:47:59 පැය
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත සූරියවැව, අගුණකොළවැව විද්‍යාලයේ දී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 21 දින පවත්වන ලදී.
25th November 2024 15:07:24 පැය
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 20 දින දිඹුලාගල, දෙවන පියවර ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර නිමා කරන ලදී.
24th November 2024 09:30:20 පැය
10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් චම්පියන්පත්තුව, Senth Pills Meris පෙරපාසලේ ළමුන් සඳහා 2024 නොවැම්බර් මස 18 දින පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබා දෙන ලදී.
23rd November 2024 07:58:07 පැය
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.ජේ.එස්.බී.ඩබ්ලිව්. . පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ අම්බලන්තොට මහා ආර කනිෂ්ඨ විද්‍යාලයේ දී පාසල් උකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 20 දින පවත්වන ලදී.
22nd November 2024 07:59:24 පැය
56 පාබල සේනාංකය සහ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය එක්ව 2024 නොවැම්බර් මස 19 දින නැඳුන්කර්නි සහ පලිනගර් ප්‍රදේශයන්හි වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 150 ක් වෙනුවෙන් කුකුළු පැටවුන්, එළවළු පැළ සහ ගොවි උපකරණ බෙදාදෙනු ලැබීය.
21st November 2024 08:27:46 පැය
2 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම ඒකකය යටතේ සේවයේ නියුතු නිවාස අවශ්‍යතා සහිත ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් මැදවච්චිය, ලුණුපහිච්චාව ප්‍රදේශයේ නව නිවසක් ඉදිකරදෙනු ලැබීය. 2 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සඳහා එම ඒකකයේ විශ්‍රාමික සහ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වූහ.