Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2024 14:27:00 Hours

21 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ගංවතුරින් අවතැන් වූවන්ට සහන සැලසේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හොරොව්පතාන, පරංගියාවාඩිය, යාන්ඔය ජලාශයේ ජලය මුදාහැරීම හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් 5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් 2024 නොවැම්බර් මස 28 දින ගංවතුර සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මක කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම හා 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මෙහෙයවීම සහ 211 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත යුනි-බෆල් රථ භාවිතා කරමින් ගංවතුර පැවති ප්‍රදේශ තුළ ප්‍රවාහන පහසුකම් සලසමින් අවතැන් වූවන්ට සහන සැලසීමට භටපිරිස් කටයුතු කරනු ලැබීය.