Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

සිවිල් ක්‍රියාකාරකම්

  • යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

    06th January 2025 09:49:45 පැය

    යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

    52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 10 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ සම්බන්ධීකරණය මත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 04 දින මරදන්කේනි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

  • නිවාස අවශ්‍යතා සහිත යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් නව නිවසක්

    03rd January 2025 11:39:27 පැය

    නිවාස අවශ්‍යතා සහිත යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් නව නිවසක්

    7 ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 5 ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් 2024 දෙසැම්බර් මස 28 දින කුලියාපිටිය, කිරින්දාව ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.

  • මඟුල්පොකුණ - කාලිංගවිල මාර්ගය යුද්ධ හමුදාව විසින් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරයි

    03rd January 2025 08:13:56 පැය

    මඟුල්පොකුණ - කාලිංගවිල මාර්ගය යුද්ධ හමුදාව විසින් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරයි

    අධික වර්ෂාපතනය හේතුවෙන් වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි මඟුල්පොකුණ වැවෙහි පිටවාන කැඩී ‍යාම හේතුවෙන් ජලය පිටාර ගැලීමෙන් මඟුල්පොකුණ සිට කාලිංගවිල දෙසට ගමන් ගමන්නා මාර්ගය දැඩි ලෙස හානියට පත්විය. කඩිනමින් ක්‍රියාත්මකවූ , 23 පාබල සේනාංකයේ සහ 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2025 ජනවාරි මස 02 දින සිදුකරනු ලැබූහ.

  • 11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් කුළුගම්මන ප්‍රේමරත්න මහා විද්‍යාලයට සංගීත භාණ්ඩ ප්‍රධානයක්

    28th December 2024 13:55:59 පැය

    11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් කුළුගම්මන ප්‍රේමරත්න මහා විද්‍යාලයට සංගීත භාණ්ඩ ප්‍රධානයක්

    කුළුගම්මන ප්‍රේමරත්න මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ ඉල්ලීම පරිදි, 2024 දෙසැම්බර් මස 26 දින 11 පාබල සේනාංක මූලස්ථානයේදී එම පාසලේ පෙරදිග සංගීත කණ්ඩායමට සංගීත භාණ්ඩ බෙදා දෙන ලදී. මෙම වැඩසටහන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජීගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලදී.

  • 55 පාබල සේනාංකය මූලිකත්වයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය පවත්වයි

    27th December 2024 15:43:49 පැය

    55 පාබල සේනාංකය මූලිකත්වයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය පවත්වයි

    ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 26 දින කිලිනොච්චියේ පිහිටි නෙළුම් පියස රඟහලේදී වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය පවත්වන ලදී.

  • 24 පාබල සේනාංකයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

    27th December 2024 15:39:27 පැය

    24 පාබල සේනාංකයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

    24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී මඟපෙන්වීම යටතේ 241 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ අධීක්‍ෂණය යට‍තේ 18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 23 දින කල්මුණේ, ශුද්ධ වූ කුරුස දේවස්ථානයේ ළමුන් 16 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබාදෙන ලදී.

  • 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

    27th December 2024 13:01:40 පැය

    12 බලඇණිය ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

    ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 231 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 23 දින පාසල් සිසුන් වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

  • 223 පාබල බලසේනාවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

    27th December 2024 12:57:35 පැය

    223 පාබල බලසේනාවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

    223 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.ආර් විජේරත්න යූඑස්පී ගේ මඟ පෙන්වීම යටතේ, 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එල්.බී.එස්.යූ.කේ. ලියනගෙදර පීඑස්සී ගේ සම්බන්ධීකරණය මත ‘විඑස්අයිඑස්’ පරිගණක ආයතනයේ අධ්‍යක්‍ෂක ප්‍රසන්න විජේරත්න මහතාගේ අනුග්‍රාහකත්වයෙන් එම බලසේනාවේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 21 දින මහදිවුල්වැව, සිංහපුර විද්‍යාවර්ධන විද්‍යාලයේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

  • 18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

    26th December 2024 14:40:01 පැය

    18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

    24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත 18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් සුදුවැල්ල, පරාක්‍රම පාසලේ සිසුසිසුවියන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 17 දින අම්පාර, මහා වාපි විහාරස්ථානයේදී සංවිධානය කරන ලදී.

  • 241 පාබල බලසේනාවෙන් නත්තල් දිනට සමගාමීව ප්‍රජා සත්කාරක වැඩසටහනක්

    26th December 2024 12:09:50 පැය

    241 පාබල බලසේනාවෙන් නත්තල් දිනට සමගාමීව ප්‍රජා සත්කාරක වැඩසටහනක්

    2024 නත්තල් දිනට සමගාමීව 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 2024 දෙසැම්බර් මස 20 දින අක්කරෙයිපත්තුව, සින්නමුහුත්තුවාරම් මෙතෝදිස්ත දේවස්ථානයේදී ප්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වන ලදී.