01st December 2024 11:37:17 Hours
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ කපුගොල්ලෑව, මරදන්මඩුව වැවෙහි වැව්බැම්ම වැලි කොට්ට අතුරා පිළිසකර කිරීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 28 දින 5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 211 පාබල බලසේනාවේ බලසේනාධිපති හා 5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහ.