30th November 2024 14:25:05 Hours
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපති හා 1 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත කොට්ටාන්කුලම් ප්‍රදේශයේ මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල කරමින් පැවති ගංවතුර තත්ත්වයට ප්‍රතිචාර දක්මින් 1 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් කඩිනමින් අලුත්වැඩියා කටයුතු සිදුකළහ. භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී ගංවතුරෙන් අවතැන් වූවන්ට අත්‍යාවශ්‍ය සහන සේවා සැපයීම තුළින් ඔවුන්ගේ දුෂ්කරතාවයන් අවම කරගැනීමට හැකිවිය./p>