Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2024 14:33:23 Hours

ගංවතුරෙන් අවතැන් වූවන්ට යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් කඩිනමින් සහන සැලසේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් චෙඩ්ඩිකුලම්, ක්‍රිස්තෝවකුලම් ගම්මානයේ ඉරමියන්කුලම් වැව්බැම්මෙන් අධික ලෙස ජල වහනයෙන් ඒ අවට පිහිටි ආධියාපුලියන්කුලම් ගම්මානයේ ගම්වාසීන්ගේ නිවාස හා ගොවිබිම් ජලයෙන් යටවිය.

2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 27 දින එම ආපදා තත්ත්වයේ බලපෑම අවම කරමින් වැලි කොට්ට අතුරා වැව්බැම්ම තාවකාලිකව පිළිසකර කිරීමට කඩිනමින් කටයුතු කරනු ලැබීය.

මීට අමතරව, 5 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මහවිලච්චිය වැවේ ජල මට්ටම ඉහළ යාමෙන් අවදානමට ලක්විය හැකි ස්ථාන අවට වැලි කොට්ට අතුරා වැව් බැම්ම ශක්තිමත් කරනු ලැබීය.

213 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කෙරිණී.