12th January 2025 18:14:20 පැය
අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම යටතේ ආරම්භ කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දෙපස කසළ ඉවත් කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 144 පාබල බළසේනාව විසින් ක්‍රියාත්මක කරන ලදී.
12th January 2025 11:40:57 පැය
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ගේ අධීක්ෂණය මත චෙඩ්ඩිකුලම්, මුහත්තන්කුලම් රජයේ දමිළ මාධ්‍ය පාසලේදී අක්ෂි සහ වෛද්‍ය සායනයක් 2025 ජනවාරි මස 11 දින පවත්වන ලදී.
11th January 2025 12:27:54 පැය
21 පාබල සේනාංකයේ, 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව 2025 ජනවාරි මස 10 දින මහත් අවදානමකට ලක්ව තිබූ දිවුල්වැව වැව් බැම්මේ අර්ධ වශයෙන් හානියට පත් වූ කොටසක් සාර්ථකව අලුත්වැඩියා කළහ.
10th January 2025 16:45:55 පැය
12 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්.ඒ.කේ ගුණරත්න යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත හම්බන්තොට කිරින්දගම ප්‍රාථමික පාසලේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 4 දින පැවැත්විණි.
10th January 2025 13:04:40 පැය
ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් සහ කාහේංගම ප්‍රදේශයේ ජනතාව එක්ව, එම ප්‍රදේශයේ මාර්ගය කිලෝ මීටර් 2 ක දුර ප්‍රමාණයක් පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 04 දින පවත්වන ලදී.
09th January 2025 11:44:29 පැය
542 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් 2025 ජනවාරි මස 7 දින පූමලන්දන් ප්‍රාථමික විද්‍යාලය සහ මඩු සිංහල මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 94 දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පූමලන්දන් පෙරපාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
08th January 2025 15:24:07 පැය
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම යටතේ 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 7 බලඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරීන්ගේ නායකත්වයෙන් 2025 ජනවාරි මස 04 දින පරිත්‍යාග වැඩසටහන් දෙකක් සංවිධානය කරන ලදී.
08th January 2025 15:19:42 පැය
231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජි.ඒ. මලන්දෙණිය ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ සහ 12 බලඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරිතුමන්ගේ ගේ නායකත්වය යටතේ එම බලඇණියේ භටපිරිස් විසින් දිඹුලාගල, කළුකැලේ විජය පරාක්‍රම ප්‍රාථමික විද්‍යාලයේ සහ පලටියාව, ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 722 දෙනෙකු සඳහා පරිත්‍යාග වැඩසටහනක් 2025 ජනවාරි මස 05 දින සංවිධානය කරන ලදී..
07th January 2025 12:45:53 පැය
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක
06th January 2025 16:16:24 පැය
57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, පොල්ගහවෙල ශාන්ත බර්නදෙන් ආදර්ශ මහ විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳ වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2025 ජනවාරි මස 03 දින සහභාගී විය. එම පාසලේ විදුහල්පතිතුමාගේ ආරාධනයකට අනුව එතුමන් මෙම අවස්ථාවට සහභාගී විය.